කොත්මලේ ඉතිහාසය

කෝත්මලේ ඉතිහාසය


කොත්මලේ යනු ඓතිහාසික වශයෙන් වැදගත් ප්‍රදේශයකි. නිශ්චිත ගමක් කොත්මලේ කියා නොමැති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා මැතිවරණ කොට්ඨාශයක් වශයෙන් පවතී. මෙය වඩා ප්‍රසිද්ධව ඇත්තේ දුටුගැමුණු කුමරු වසර 20ක් සැඟව ජීවත්ව සිටි ප්‍රදේශය බවයි. අද වනි විට කොත්මලේ සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජාතිකත්වයන් 3 ම වාසරය කරයි. ප්‍රධාන පාසල වන්නේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයයි. ඊට අමතරව පාසල් 70 කට අධික ප්‍රමාණයක් කොත්මලේ ඇත. වර්තමානය වන විට පොලිස් ස්ථානයක්, රෝහලක් හා අවශ්‍ය යටිතල පහසුකම් සෑහෙන ප්‍රමාණයක් ඇත.
කොත්මලේ ඓතිහාසික ප්‍රෙද්ශයකි. එහි ඓතිහාසිකත්වය ලංකා ඉතිහාසය පුරා ලියැවි ඇත. දුටුගැමුණු රජු සැගව ජීවත් වූ ප්‍රදේශය අද කොටගේපිටිය වශයෙන් ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වේ. ඒ සදහා වන වෙනත් අදහස් ද ඇත. ඒවා මෑත වසර 100 ක කාලය තුළ නිර්මානය වූ මතවාදයන් වේ. එය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති පැරණිතම ගම වශයෙන් හඳුනාගැනේ.(කොත්මලේ) ඓතිහාසික වන්නේ දුටුගැමුණු රජුට පෙර සිටය.
යක්ෂ ගෝත්‍රිකයින්ගේ ගම්මානයක් වූ මෙම කලාපය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා දිව යයි. පඩුවස්දෙව් රජුගේ දෝසය නැති කිරීම සදහා ආරම්භ කරන ලද කොහොඹා යක් කංකාරියේ සඳහන් වන "මලය" රට මේ කොත්මලයයි. දිවිදෝසය සදහා වන කංකාරිය සිදු කරන ලද්දේ කොත්මලේ දැනට "මාවෙල" නැමති ගමේ සිට පැමිණි යක්ෂ ගෝත්‍රිකයින් විසිනි. මෙම දිවිදෝසය මගින් සංකේතවත් කරනු ලබන්නේ විජය විසින් සිදු කරන ලද ආක්‍රමණයයි. නැවත වතාවක් ස්වදේශිකයින් සදහා රට පාලන බලය අත් කරදීම කොහොඹා යක් කංකාරිය මගින් සංකේතවත් කරයි.
එම කංකාරියෙන් පසුව පඩුවස්දෙව් රජුගේ ඔටුන්න කොත්මලේ ජනයාට තෑගි ලැබුණි. (මේ සදහා ජනප්‍රවාද ඇත) එය තවමත් මාවෙල රාජකාරි කරන්නන් විසින් වසරකට වරක් මොරපේ කතරගම දේවාලයේ වඩම්මනු ලබයි. පණ්ඩුකාභය රජු රාජාභිෂේකයට සූදානම් කරනු ලබන ක්‍රියාවලිය කොහොඹා යක් කංකාරියෙන් සිදු කරන ලදී.
කොත්මලේ දෙවන වර ලංකා ඉතිහාසයේ ලියැවෙන්නේ දුටුගැමුණු කුමරු වසර 20කටත් වඩා කාලයක් සැගව ජීවත් වූ ගම වශයෙනි.

වීකිපිඩියා අැසුරෙන්

No comments:

Post a Comment

දළඳා පහස ලද පුසුල්පිටිය රජමහා විහාරය

දළඳා පහස ලද පුසුල්පිටිය රජමහා විහාරය      පුසුල්පිටිය රජමහා විහාරය                                             දළඳා පහස ලද එතෛිහාසික පුසුල්ප...