තල් මල

තල් මල

      ස්වභාවධර්මයේ අපුර්ව නිර්මාණයක් තල මල පිළිබඳ තොරතුරු දැනැගැනිමට මා සිත ‌‌පෙළබුනේ ආර් ආර් සමරකෝන් මහතාගේ ‍‍‍‍‍"තලමල" නවකථාව කියවිමෙන්පපසුවයි. ලා කහ පැහැති විශාල ලස්සන මලක් වන තල මල තල් ගසේ අවසාන කාලය ලඟා වි ඇති බව පවසයි. මන්ද තල් මල පරවි යන්නේ තල් ගසද මරාගේන විමයි.තල් මලක් පිපී මාස ‌දෙක තුනක් පරනොවි පවති.
       
       


      තල් මලක් ගමක පිිිිපීම අසුභ ‌දෙයක් බව ගැමියන් අතර පවතින විස්වාශයකි.තල් මලක් පිපීම ගම් හතක් පාලු විමට ‌හේතු වන බව පවසයි. ‌ ‌මෙම මලෙන් නික්මෙන සුවඳට කෘමි සතුන් පමින මල තුල ජනාවාස පිහිටුවා ගන්නා අතර මල පරවි ගිය පසු ඔව්න්ගේ ආහාර හා ජීවත් විමට ස්ථානය අහිමිවී යයි ඉන්පසු අවට ගම්මාන වල කුඹුරු හේන සියල්ල විනාශ කරනු ලබයි.  ‌මෙය ගම් හතක් පාලු විමට ‌හේතුව ‌ලෙස සිතිය හැක. නමුත් අපේ ජනකවියා තල් මල දුටුවේ ‌මෙලෙසය
                           අත්ත ‌හෙඳයි තද වැස්සට                        ඉහලන්ට
                           පිත්ත ‌හොඳයි තද වරමදු                          අඹරන්ට
                           ‌ගොබේ ‌හොඳයි දස ධර්මය                      ලියවන්ට
                          ‌ මෙමල ‌හොඳයි බුදු මඟුලට ‌                  ගෙනියන්ට

තල් ගස ප්‍රයෝජනවත් ශාකයක් වන අතර තල් මලක් පිපුන පසු නැකතක් බලා කපා බුදුන්ට පුජා කිරිම පැරණි ගැමියන්ගේ සිරිතක්ව පැවැතින.එයින් ‌දෝෂ දුරුවන බව ඔව්න්‌ගේ විස්වාශය විය.

No comments:

Post a Comment

දළඳා පහස ලද පුසුල්පිටිය රජමහා විහාරය

දළඳා පහස ලද පුසුල්පිටිය රජමහා විහාරය      පුසුල්පිටිය රජමහා විහාරය                                             දළඳා පහස ලද එතෛිහාසික පුසුල්ප...