දළඳා පහස ලද පුසුල්පිටිය රජමහා විහාරය
පුසුල්පිටිය රජමහා විහාරය |
දළඳා පහස ලද එතෛිහාසික පුසුල්පිටිහ රජමහා විහාරය කොත්මලා ඔය අසබඩ තිස්පනේ කඳුවැටියේ පහිටා ඇත. මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශිය ලේකම් කෙට්ටාශයේ නවන්ගම ග්‍රාම නිළධාරි වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටා ඇත.
පුසුල්පිටිය රජමහා විහාරයේ ආරම්භය පිළිබඳ නිශ්චිත ෙතාරතුරක් නැතත් මෙය දෙවන පැතිස් රජ දවස දක්වා ඉතිහාසයකට හිමිකම් කියයි. දවනපැතිස් රජ දචස මෙරටට වැඩමකල ශි්‍රමහ බොධින් වහන්සේගේ දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් රෝපනය කර ඇති බවට ඉතිහාස තොරතුරු ඇත
දෙතිස්ඵල බෝධින් වහන්සේ |
විහාර මන්දිර දෙකක් සහ කුඩා චෛත්‍යය ගරාජයන් වහන්සේ නමක් වැඩ වසන අතර විහාර මන්දිරයක් ගල් කණු 12ක් මත දැවයෙන් ඉදිකරන ලද ටැම්පිට විහාරයක් වේ.මෙහි මහනුවර යුගයට අයත් චිත්‍ර සහ කැටයම් දක්නට ලැබේ මෙ අතර ලංකාවේ අවසන් රහතන් වහන්සේ වන මලියදේව මෙම රහතන් වහන්සේ විසින් දඹදිවෙන් වඩමවන ලද දඹරන් පිලිමයක් තැන්පත් කර තිබු අතර මේවන විට එය සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත. 4වන බුවනෙකබාහු රජු විසින් මෙම රන් පිලිමයට ඇත් දළ වලින් නිම කර මැණික් ඔබවපු මකර තොරණක් පුජාකල බව සඳහන් වේ. ජාතියේ අවාසනාවට සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත
ක්‍රි.ව 1225 දි කාලිංග මාඝ ආක්‍රමණ වලින් දළඳ වහන්සේ ආරක්ෂක කිරීම සඳහා පොලොන්නරුවේ සිට වාචිස්සර හිමි විසින් පුසුල්පිටිය රජමහා විහාරයට රැගෙන ආබව සඳහන් වේ.
දඹරන් බුදුපිළිමය සහ ඇත් දළ මකරතොරණ |
1815 බ්‍රිතාන්‍යන්න උඩරට යටත් කර ගැනිමෙන් පසු 1815.04.06 දින සිට 22 දක්වා කාලයෙ දන්ත දාතුවේ ආරක්ෂාවට විහාරයේ වු සපු ගසක බෙනයක සඟවා තැබු බවත් අදටත් එම සපු ගස දළඳා සපුව ලෙස වැදුම් ලබමින් පන්සල් බිමේ දක්නට ඇත.
දළඳා සපුව |
ජනප්‍රවාද වලට අනුව නිදන් වදුලක සඳහන් තොරතුරු අනුව නමින් කෙලිනා තොට නම් ප්‍රදේශයේ රන් පුහුලක් සහිත නිදානයක් ගැනිමට දඹදිවෙන් පැමිණි බමුනකු ඒ අවටින් විවාහයක් සිදුකරගෙන ජිවත් වු අතර නිසිකල පැමිණි විට තම පුතා බිලිදි රන් පුහුලක රැගෙන පලා යන අවස්ථාවේ ගල් තලාවක් උඩ රන් පුහුල තබා විඩා නිවා ගැනිමට අසල තිබු දිය කඩිත්තට යන ලදි. නැවත පැමිණ බලන විට පුහුල ගලේ එරි ගිලා බැස තිබු අතර ඉන් පසු මෙම ප්‍රදේශය පුසුල් පිටිය නම් විය.
කලක් ගැමුණු කුමරුද කොත්මලේ ඌරු පැලල්ල ග්‍රාමෙය් සැඟවි සිටි අතර පුසුල් පිටිය පංසල එතුමන් නිතර ආගිය තැනක් වු අතර එතුමන් සිහිවිමට ඉදිකල ස්තුපය අදද දක්නට ලැබේ.
Good Job
ReplyDeleteThank
Delete